අද දහවල් කාලයේ සිට මහජන ගෞරවය වෙනුවෙන්

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය අද 23 සාන්ත පීතර බැසිලිකාවේ විවෘත පීඨයක තැන්පත් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ එරට වේලාවෙන් දහවල් 12.30 ට පමණ.
මෙරට වේලාවෙන් සවස 2.30 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් සමාන්‍ය ජනතාවට දේහයට ගෞරව දැක්වීම සඳහා අවස්ථාව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ වනවිට ලොවපුරා විශාල පිරිසක් වතිකානයට රැස්වෙමින් සිටින අතර, පාප්වහන්සේගේ දේහය අප්‍රේල් 26 වැනි සෙනසුරාදා මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට මිහිදන් කිරීමට නියමිතයි.
අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්විම සඳහා අමෙරකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප් වතිකාන නගරයට පැමිණෙන බව නිවේදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද එහි පැමිණෙන බව තහවුරු කර ඇති අතර, යුක්‍රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි ද පැමිණීමට නියමිතයි.
විශේෂයෙන් ම පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට ලෝක නායකයින් සහ ආගමික නායකයින් විශාල ගණනක් සහභාගී වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
