ගැරඬිඇල්ල බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ අය වෙනුවෙන්

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් වන්දි ලබාදීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව, අදාළ වන්දි මුදල් මේ වනවිට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
එම අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදීම සිදු කෙරෙන අතර, එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දීමට නියමිතයි.
අනතුරින් මිය ගිය පුද්ගලයන් 22 දෙදෙනා ජීවත්වූ තිස්සමහාරාමය, ලුණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඩුවස්නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මෙම මුදල් නිකුත් කර තිබෙනවා.