වසර 16 ක සිර දඬුවම් හිමි වුණූ හිටපු ඇමති සහ ලේකම්වරිය

උතුරු-මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට බරපතල වැඩ සහිත වසර 16 සිර දඬුවම් ලබා දීමට ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද 01 නියෝග කර තිබෙනවා.
ඒ, අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව ගොනු කර තිබූ චෝදනා සම්බන්ධයෙන් වරදරකරුවන් බවට පත්වීමෙන් අනතුරුවයි.
විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මගින් විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණේ, 2012 හා 2014 කාලය අතරතුර එස්.එම්. රංජිත් සමරකෝන් උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වරයා ලෙස කටයුතු කරමින්, ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන අයට අයුතු ලාභයක් ලබාදීමට කටයුතු කිරීම, ඉන්ධන දීමනාවක් වැටුප සමග ලබා දී තිබියදි ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් ලක්ෂය 26 කට අධික මුදලක් ලබා දීම, එසේ ලබා දීමට රජයේ නිලධාරින් පෙළඹවීම ඇතුළු චෝදනා 6 ක් යටතේයි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා විසින් සිය තීන්දුව ලබා දෙමින් පැවසූවේ, විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.
