ඇප ලැබුණත් යළි බන්ධනාගාරෙට ගිය හිටපු ඇමති

වැලි බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, සැකකාර හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාඅමාත්‍යවරයා, ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (08) දහවල් නියම කර තිබුණා.
කෙසේ වෙතත්, එලෙස ඇප මත මුදාහරින ලද හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාට ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන්, නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
