CID එකට ආව හිටපු ඇමති ටිරාන් පිටව ගිහින්

පැය 06 කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු අමාත්‍යවරයාව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු බව වාර්තා වුණා.
