කොන්දේසි රාශියක් මැද එළියට ආ හිටපු ඇමති

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කර තිබෙනවා.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළ බව සඳහන් වෙනවා.

ඒ අනුව, සැකකරු රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියම කළ බව වාර්තා වෙනවා.

විශේෂයෙන් ම එම ඇපකරුවන් අතරින් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවත් නියෝගයේ සඳහන් වනවා. ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර, විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වලකින ලෙසත්, විමර්ශනවලට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත්, මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුට වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *