එක පෙළට ගමන් කරන හිටපු මැති ඇමතිවරු

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලයේ රුපියල් 494,000- ක මුදලක් හලාවත ප්‍රදේශයේ බැංකුවක ගිණුමකට බැරකෙන ලෙස එම අධිකාරියේ නිලධාරීන් පෙළඹවීම තුළින්, දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා ගොනු කරමින් හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා බාරදෙනු ලැබුවා.
අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධි චෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න මහතා ඉදිරියේ භාර දෙනු ලැබූ අතර, ඉන් අනතුරුව විත්තිකාර හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරිණ ලෙස විනිසුරුවරයා නියෝග කළ බව වාර්තා වෙනවා.