අරගලය ඉල්ලමක් කරගත් හිටපු මැති ඇමතිවරුන්

අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්‍රීන් සඳහා රජයෙන් ලබාගත් වන්දි මුදල්වලට අමතරව රජයේ වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති බව අද (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබෙනවා.
පන්නිපිටිය වීර මාවතේ පිහිටි වියත්පුර නිවාස සංකීර්ණයේ Block 05 හි නිවාස ලබාදෙන ලෙස පහත මන්ත්‍රීවරුන් එවකට පාර්ලිමේන්තුවේ කථානායක වෙත ඉල්ලීම් කර තිබෙන අතර, ඒ අනුව පහත සඳහන් මන්ත්‍රීන් 26 දෙනෙක් සඳහා වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඉහත නිවාස සංකීර්ණයේ නිවාස විකිණීමේදී සාමාන්‍ය ගැණුම්කරුවන් සඳහා නිවාස විකුණුම් ක්‍රමවේදය වන්නේ නිවසේවල වටිනාකමින් මුලින් 50 ක් ලබාදී වසරක් ඇතුළත සියලු මුදල් ගෙවා අවසන් කළ පසු නිවාස ලබාදීමයි. නමුත් පහත සඳහන් මන්ත්‍රීවරුන් මූලික ගෙවීම 25 ක් ලෙස අඩු කොට ඉතිරිය වසර 15 ක් තුළ ගෙවීමට ක්‍රමවේදයක් සකසා ගෙන නිවාස මිලදී ගෙන තිබෙන බව සඳහන් වෙනවා.
එම නිවාසයන්හි වටිනාකම තීරණය කොට තිබෙන්නේ, දේපළෙහි ආරම්භක තක්සේරු මුදල සහ වර්තමාන තක්සේරු මුදල එකතු කොට එය දෙකෙන් බෙදා ගණනය වන මුදල දේපළෙහි වටිනාකම් වශයෙන් ගෙවීමට කටයුතු සලසා ගෙන බවද අනාවරණය වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා,
,මේවා අපිට හිතෙන්නේ ගෙවල් ගිනි තියාගත්තද දන්නෙත් නැහැ’ අම්මපා’.. ජනේල ගිනි ගත්ත ඒවටත් ගෙයක් අරන් තියෙනවා. 76 දෙනෙක් ඉන්නවා. 26ක ලැයිස්තුවක් තියෙන්නේ.,
නිවාස ලබාගත් මන්ත්‍රී ලැයිස්තුව පහතින් දැක්වෙනවා.
