අල්ලස් සිද්ධියට බන්ධනාගාරගත කළ හිටපු විපක්ෂ නායක

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
රජයේ රැකියා ලබාදෙන බව පවසා අල්ලස් ලෙස රුපියල් 200,000 ක සහ රුපියල් 150,000ක මුදල් ඉල්ලා, ලබාගැනීම සම්බන්ධව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වෙනවා.
මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (එක්සත් ජාතික පක්ෂයේ) දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතාව විමර්ශන නිලධාරීන් විසින් අද 26 පෙරවරුවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරනවා.
සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලද අතර, එදිනට සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
