හිටපු ජනපති මෛත‍්‍රී විදෙස් සංචාරයක

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මාලදිවයිනේ කතානාවකවරයා අතර හමුවක් පසුගියදා සිදුව තිබෙන බව වාර්තා වෙනවා.

මාලදිවයින් පාර්ලිමේන්තුවේදී අදාළ හමුව සිදුව ඇති අතර, එහිදී ලබන අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත ලොක් සාම සම්මේලනයට සහභාගී වන ලෙස මාලදිවයින කතානායකවරයාට පැසිෆික් කලාපයේ සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ වර්තමාන සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් ආරාධනාවක් ද සිදුකර තිබෙන බව සඳහන් වෙනවා.

එම ආරාධනාව සුහදව පිළිගත් මාලදිවයින කතානායකවරයා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාලන කාලයේදී මාලදිවයින වෙනුවෙන් ලබා දුන් සහයෝගයට ස්තූතියද පිරිනැමූ අතර, සෑම විටම ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තිබෙන මිත්‍රත්තවය සහ සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවද මෙහිදී සඳහන් කර තිබෙනවා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරයා ඇතුළු සාමය සඳහා වූ ජාත්‍යන්තර සමුළු කවුන්සලයේ නියෝජිතයින් සහ මාලදිවයින් කතානායකතුමාගේ නියෝජිතයින් පිරිසක් ද සහභාගී වී තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *