හිටපු ජනපති මෛත‍්‍රී දුකෙන්

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් හෙළි කළ කරුණු පිළිබඳ තමා කණගාටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අද (06) දින මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර තිබෙන්නේ, වසර 5 ක කාලය තුළ තමා විසින් රු. මිලියන 384ක් වියදම් කර ඇති බව පෙනී ගියද, ඇතැම් රාජ්‍ය නායකයියන් මුළු ධුර කාලයෙන් අඩක් පමණක් විදෙස් සංචාර වියදම් ලෙස පෙන්වා තිබීම කනගාටුවට කරුණක් බවයි.