හිටපු ජනපති රනිල් නැවත එයිද?

මෙම වසර අවසාන වීමට පෙර හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා යළි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇති බවට පුවතක් මේ දිනවල සංසරණය වෙනවා.
ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මේ වන විට පාර්ලිමේන්තු නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ඉල්ලා අස්වීමෙන් පසු ඇතිවන පුරප්පාඩුව සඳහායි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දෙක සඳහා රවී කරුණානායක සහ ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් පත් කෙරුණා.
කෙසේ වෙතත් රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු, විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ඔහු සමග සම්බන්ධ වීමට කටයුතු කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙනවා.
ඒ වගේම, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස දැනටමත් විවිධ පාර්ශ්වවලින් යෝජනා කර ඇති බවද සඳහන් වෙනවා.
