හිටපු ජනාධිපති ඕමානයට

එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේ ඕමානය බලා පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

හිටපු ජනාධිපතිවරයා මෙලෙස ඕමානය බලා පිටත්ව ගොස් තිබෙන්නේ, ඉන්දියන් ෆවුන්ඩේෂන් සංවිධානය විසින් සංවිධාන කරනු ලබන ර්‍ණඉන්දියන් ඕෂන්” විශේෂ සමුළුවේ ආරාධිත දේශකයෙකු ලෙස සහභාගී වීම සඳහායි.

ඔහු එම සමුළුවෙන් අනතුරුව බදාදා 19 දින යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

ඉන් දින කිහිපයකට පසු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බවත් වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *