නිශ්ප‍්‍රභා කළ හිටපු ජනපතිගේ පෙත්සම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර තිබෙන බව වාර්තා වෙනවා.
නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 ක් දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණයේ අභියෝගයට ලක් කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම පෙත්සම ගොනු කැ තිබෙනවා.
කෙසේ වෙතත්, පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළ බවයි වාර්තා වෙනවා.
