හිටපු ජනපතිගේ ඉන්දිය සංචාරය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතගේ, සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනය අද (28) නවදිල්ලි නුවර භාරත මණ්ඩපයේදී, පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
මීට සහභාගී වීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව සඳහන් වෙනවා.
මෙම වැඩසටහන සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් යන පිරිස ද එක්වීමට නියමිතව තිබෙනවා.
මෙහිදී දකුණු ආසියාව සම්බන්ධයෙන් වන දේශනය සිදුකරනු ලබන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වීම විශේෂත්වයකි.
මෙම ඉන්දීය සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක්ද පැවැත්වීමට නියමිත බවත්, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සමග සාකච්ඡා පැවැත්වීමටත් සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.
කෙටි කාලයක් ඇතුළත රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරය කරන තෙවන අවස්ථාව මෙය වෙන අතර, මාර්තු 2 වනදා ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.