හිටපු පළාත් සභා මන්ත‍්‍රී රිමාන්ඩ්

ගිනි අවි කිහිපයක් සමගින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සංජය සිරිවර්ධන ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් සිරිපාල එම්. පතිරණ ගේ නියෝගයකට අනුවයි.
හිටපු මන්ත්‍රීවරයාට අයත් අත්තනගල්ල වැලිකඩ මුල්ල ප්‍රදේශයේ පිහිටි පොල් ඉඩමක තිබී පසුගියදා ටී 56 ගිනි අවියක්, එම මැගසින් 02 ක් හා ජීව උණ්ඩ 133 ක් බෝර 12 ගිනි අවියක් සහ එම උණ්ඩ 06 ක් සොයා ගැනුනා.
අදාළ ගිනි අවි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙස ද අධිකරණය වැඩි දුරටත් නියෝග කර තිබෙනවා.
