විශ දුම ආග‍්‍රහණය වී සිව්දෙනෙක් රෝහලේ

විදුලි ජනන යන්ත්‍රයක දුම අග්‍රහණය වීම හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ සිව්දෙනෙක් රෝහල් ගතකර තිබෙන බව වාර්තා වෙනවා.

අද (09) පෙරවරුවේ සිදු වූ විදුලිය බිඳ වැටීම හේතුවෙන්, බගවන්තලාව ප්‍රදේශයේ සිල්ලර වෙළෙඳසැලක් ඇතුළත විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර තිබෙන අතර, එහිදී විදුලි ජනන යන්ත්‍රයෙන් පිට වූ දුම අග්‍රහණය වීම හේතුවෙන් වෙළෙඳසැලේ සිටි සේවකයන් සිව්දෙනෙකු රෝගාතුරු වී බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත මෙලෙස ඇතුළත් කර තිබෙන බව සඳහන් වෙනවා.

රෝහල් ගතකළ සේවකයන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු සිටින අතර, ඔවුන් අවුරුදු 25-35ත් වයස් කාණ්ඩවල පසුවන අය බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *