නිදහස් කළ ඇපකරුවන් සහ සිරකරුවන්

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට අනුව ඊයේ (22 දිනයේ තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හා පලස්තීන සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, හමාස් සංවිධානය විසින් ඔවුන් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 06 දෙනෙකු නිදහස් කළ අතර, ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 602 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

නිදහස් කළ ප්‍රාණ ඇපකරුවන් 06 දෙනාගේ තොරතුරු හමාස් සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබුණා. එම 6 දෙනා අතර මීට වසර 10 කට පමණ පෙර හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයින් දෙදෙනෙකු ද වන බව විදෙස් වාර්තා සදහන් කර තිබුණා.

ජනවාරි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන සටන් විරාම ගිවිසුමේ පළමු අදියරේ අවසන් සිරකරු හුවමාරුව අද මෙලෙස සිදුකළ බවද එම මාධ්‍ය වාර්තාවල සදහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *