මගහැරලා යනවා නම් Call එකක් දෙන්න

පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශ පත්‍ර ඇති පුද්ගලයින්ව මඟහැර ධාවනය කරන ලංගම රියදුරන් සම්බන්ධයෙන් දැනුම්දීමට කෙටි දුරකතන අංකයක් හඳුන්වාදී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

එවැනි රියදුරන් සම්බන්ධයෙන් “1958” යන කෙටි දුරකතන අංකයට දැනුම්දිය හැකි බව ඔහු සඳහන් කරනවා.

බිමල් රත්නායක අමාත්‍යවරයා එම අදහස් පළ කර තිබෙන්නේ, පාසල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශ පත්‍ර ඇති පුරවැසියන් මඟහැර ධාවනය කරන රියදුරන් සම්බන්ධයෙන් ප්‍රවාහන මහමාර්ග වාරය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේ පැවති සාකච්ඡාවේදීයි.

ඒ වගේම, අදාළ රියදුරන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමා පසුබට නොවන බවත් මේ පිළිබඳව ලංගම රියදුරන් හා කොන්දොස්තරවරුන් දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *