අලූත් අවුරුද්දට පහසුවෙන් ගමේ යන්න

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් ලබන 10 වනදා සිට අතිරේක දුම්රිය ගමන් වාර 40 ක් පමණ ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, බෙලිඅත්ත, ත්‍රිකුණාමලය, අනුරාධපුරය ඇතුළු ගමනාන්ත කිහිපයක් සඳහා එම දුම්රිය ගමන් වාර යෙදවීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එමෙන්ම, උත්සව කාලය සඳහා ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් රථ 500 ක් ද යෙදවීමට ලංකා ගමනා ගමන මණ්ඩලය සැලසුම් කර ඇති බව, ඊයේ 01 වාර්තා වුණා.
එම විශේෂ බස් රථ සේවය අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක වන අතර, එහි පළමු අදියර ලබන 09 වනදා සිට 13 වනදා ක්‍රියාත්මක බව වාර්තා වුණා.
