ආයෙ ඇතුළට යන එකත් සෙල්ලමක් නෙමෙයි

වැඩ තහනමට ලක්ව, සේවය අතහැර ගොස් සිටින හෝ වෙනත් හේතුන් මත සක්‍රීය සේවයේ නොසිට යළි සක්‍රිය සේවයට එක්වීමට නියමිත පොලිස් නිලධාරීන්, මත්ද්‍රව්‍ය භාවිතය අනාවරණය කර ගැනීමට අදාළ පරීක්ෂණයට පෙනී සිටිය යුතු බව වැඩබලන පොලිස්පතිවරයා පවසනවා.

එම නිලධාරීන් නැවත සේවයට එක්කිරීමට පෙර පොලිස් රෝහලේදී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීමේ පරික්ෂණයට අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතු බව ලිපියක් යොමුකරමින්, සියලුම නිලධාරීන්ට වැඩබලන පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබෙන බව සඳහන් වෙනවා.

ඒ වගේම අදාළ පරීක්ෂණය සඳහා වන පිරිවැය ඒ ඒ නිලධාරියා විසින් දැරිය යුතු වෙනවා.

කිසියම් නිලධාරියෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට අදාළ පරීක්ෂණයෙන් අනාවරණය වන්නේ නම් ඔවුන් නැවත සේවයට පිහිටුවීම හෝ නැවත සක්‍රිය සේවයට බැඳීමට අවස්ථාව ලබානොදිය යුතු වෙන බවත්, විනය බලධාරීන් විසින් අදාළ උපදෙස් පිළිපැදිය යුතු බවත්, වැඩබලන පොලිස්පතිවරයා යොමුකර ඇති අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *