ලංකාව ගැන සතුටුදායක පුවතක්

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් මහතා පවසනවා.
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සහභාගී වූ මාධ්‍ය හමුවට අද (04) උදෑසන එක්වෙමින් ඔහු මේ බව පවසා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජනතාව රට හැර නොයන තත්ත්වයකට අනාගතයේ දී පත්වෙනු ඇති බව, මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර තිබෙනවා.
එමෙන්ම පසුගිය අර්බුද සමයේ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පිරිස නැවතත් ඉදිරි කාලයේ දී මෙරටට පැමිණෙනු ඇති බව අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසනවා.
2022 වසරේ ප්‍රථම වරට ඔවුන් මෙරටට පැමිණෙන විට ඉන්ධන, ගෑස්, ඖෂධ වැනි කුමන හෝ පොලීමක මෙරට ජනතාව රැඳී සිටි බවත්, එකල මෙරට ආර්ථික ක්‍රියාකාරකම්වල ඉතා මන්දගාමී ස්වභාවයක් දක්නට ලැබුන බවත්, ඔහු එහි දී වැඩි දුරටත් පවසනවා.
කෙසේ වෙතත් මේ වන විට එම වතාවරණය යතා තත්ත්වයට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙනවා.
තව ද විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ සංචිත මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත්, දැනටමත් එම වැඩසටහනේ අපේක්ෂිත අරමුණු වලින් අඩක් පමණ මේ වන විටත් ළඟාකර ගැනීම සිත්ගන්නා සුළු බවත් පීටර් බෲවර් ප්‍රකාශ කරනවා.