වසර ගණනාවකට පසු ලැබූ සුභ ප‍්‍රතිඵලය

වසර 27 කට පසුව ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත මැතිවරණය ජය ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට ‍මෙවර හැකියාව ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප‍්‍රතිඵල අනුව, සමස්ත ආසන 70 න් ආසන 47 ක් භාරතීය ජනතා පක්ෂයට හිමිව තිබෙනවා.

වසර 10 ක් පුරා එම ප්‍රාන්තයේ පාලනය හිමිව තිබූ ආම් ආද්මි පක්ෂයට හිමිව ඇත්තේ ආසන 23 ක් පමණක් බව වාර්තා වෙනවා.

මෙහිදී ආසන 35 ට වැඩි සංඛ්‍යාවක් හිමි කර ගන්නා පක්ෂයට එම ප්‍රාන්තයේ බලය හිමිවන බව සඳහන් වෙනවා.

ඉන්දීය අගනුවරද ඇතුළත් දිල්ලි ප්‍රාන්ත මැතිවරණය ජයගැනීම භාරතීය ජනතා පක්ෂයේ විශාල ජයග්‍රාහණයක් බව විචාරකයින් පෙන්වා දෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *