කැනඩාවේ වෙඩි තැබීමකින් ඇල්ෆඩ් දෝරේ අප්පාගේ මිණිපිරිය මරුට

පසුගියදා, කැනඩාවේ මාර්කම් ප‍්‍රදේශයේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් එම නිවසේ පදිංචිව සිටි ශ‍්‍රී ලාංකික තරුණියක් මියගොස් ඇති බව වාර්තා වෙනවා.
මෙලෙස මියගොස් තිබෙන්නේ, යාපනයේ හිටපු නගරාධිපතිවරයෙකු වන ඇල්ෆ‍්‍රඩ් දෝරේ අප්පාගේ මිණිපිරියක් වන රගුදාස් නිලක්ෂි නම් 20 හැවිරිදි තරුණියක් බව සඳහන් වෙනවා.
වෙඩි තැබීම සිදුවූ මෙම නිවස, කැනඩාවේ මාර්කම් නගරයේ කාසල්මෝර් මාවතේ පිහිටා ඇති අතර, යාපනයේ කොණ්ඩාවිල් ප‍්‍රදේශයේ සිට කැනඩාවට ගිය මෙම තරුණිය වසර දෙකක්ම ජීවත්ව සිට තිබෙන්නේ මෙම නිවසේ බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, මෙම නිවසට මින් පෙරද අවස්ථාවන් දෙකකදීම වෙඩි තැබීම් සිදුව ඇති අතර, මෙවර සිදුවූ වෙඩි තැබීමේදී, මෙම තරුණියත් තවත් අයෙකුත් මිය ගොස් ඇති අතර, තවත් අයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත්, සිද්ධියේදී නිවසේ සිටි සුනඛයාටද වෙඩිතබා ඝාතනය කර ඇති බවත් සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, වෙඩි තැබීමෙන් අනතුරුව ඊට සම්බන්ධ පුද්ගලයින් හතරදෙනෙකු කැබ් රථයකින් පලායන අයුරු CCTV කැමරා පද්ධතියක සටහන්ව තිබූ බව කැනේඩියානු පොලීසිය සඳහන් කරනවා.
