සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට ගිය අමුත්තිය

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය අද 27 උදෑසන සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට ගොස් තිබෙනවා.

එහිදී අමෙරිකානු තානාපතිනිය එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ පක්ෂ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය සමග සාකච්ඡා පවත්වා තිබෙන අතර, අදාළ සාකච්ඡා පැයකට වඩා වැඩි කාලයක් පවත්වා ඇති බව සඳහන් වෙනවා.

වත්මන් දේශපාලන තත්ත්වය සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳව ඇය මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේයග

ඇය මීට පෙර පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයටත්, නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයටත් පැමිණ තිබුණු බව වාර්තා වුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *