‘හරක් කටා’ පැන්නේ මෙයාලගෙ උදව්වෙන්

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් .හරක් කටා.ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් පැනයාමට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තවත් සිව්දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින නඳුන් චින්තක නොහොත් .හරක් කටා. ඉන් පළායාමට පසුගිය 2023 වසරේ දී උත්සාහ ගෙන තිබුණු අතර, ඒ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ රවිඳු සන්දීප නැමැත්තා සහාය ලබා දී තිබු බව වාර්තා වුණා.
පසුව අදාළ සැකකාර පොලිස් කොස්තාපල්වරයා අතුරුදන්ව සිට ඇති අතර, ඔහු සොයා විමර්ශන ආරම්භ කර තිබුණු බවත්, එසේ සිදුකළ විමර්ශනවලට අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තවත් සිව්දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් වාර්තා වෙනවා.