ඇප කොන්දේසි සම්පූර්ණ කළාද?

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදාමත හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (9) නියම කර තිබෙනවා.

වැලි කැණීමේ බලපත්‍රයක් නිකුත්කිරීම සඳහා රුපියල් ලක්ෂ 15 ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් බවට සැකපිට, වියාලේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

ඒ අනුව, හිටපු අමාත්‍යවරයා ඊයේ (8) අධිකරණයට ඉදිරිපත්කළ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් ඇපමත මුදා හරිනු ලැබූ නමුත්, සැකකරුට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් යළි බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.

කෙසේ නමුත්, අද දිනයේදී ඒ මහතා සියලු ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් මුදාහැරීමට අධිකරණය නියම කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *