කංසා පන්නන්න ගිහින් වැඩ වරද්ද ගනී

රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සාහ කළ රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
අමෙරිකා එක්සත් ජනපදයේ සිට මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයකු වෙත එවා තිබූ අදාළ පාර්සලය, මෙම රේගු පරීක්ෂකවරයා විසින් ඉවත් කරගැනීමට උත්සාහ කර තිබෙනවා. එම අවස්ථාවේදී කංසා තෙල් කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 200 ක් සමග ඔහු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පවසා තිබෙනවා.
එම කංසා තොගයේ වටිනාකම රුපියල් තුන්කෝටි 20ක් බව සඳහන් වෙනවා.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රේගු පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
