ටිපර් රථ අනතුර නිසා දැඩි වාහන තදබදයක්

මහියංගනයේ සිට තලවකැලේ දක්වා වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් අනතුරට පත්වීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වෙනවා.

මෙම අනතුර අද (24) උදෑසන තලවකැලේ – නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය ඩෙස්පොඩ් ප්‍රදේශයේ දී සිදුව තිබෙන අතර, මෙමම ටිපර් රථයේ තිබූ වැලි ප්‍රධාන මාර්ගය හරහා විසිරිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නානුඔය පොලීසිය පවසනවා.

ටිපර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ටිපර් රථය රියදුරු පාලනයෙන් මිදි ඉදිරියට ඇදි ගොස් මාර්ගය අභියස පිහිටි කන්ද ගැටි ටිපර් රථය මාර්ගය හරහා පෙරළි ගොස් තිබෙන අතර, අනතුර පත් වන අවස්තාවේ එහි වැලි කියුබ් තුනක් ප්‍රවාහනය කර ඇති බවත්, අනතුරෙන් වැලි විශාල ප්‍රමාණයක් මාර්ගය හරහා විසිරිම නිසා මාර්ගය ලිස්සන සුළු බැවින් අනතුර සිදු වු ස්ථානයෙන් රථ වාහන ධාවනය කිරීමේදි සැලකිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වුවත්, අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *