අතුරුදහන් වූ අය හොයන්න උදව් කරනවා

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට අදාළ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට රතුකුරුස සංවිධානයේ එකඟතාව පළවී තිබෙනවා.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය(Ms. Severine Chappaz) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී එම එකඟතාව පළ කළ බව මාධ්‍ය අංශය සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නව රජය ගෙනයන වැඩපිළිවෙලට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සහාය ලබාදීමට මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

අතුරුදහන් වූ පුද්ගලයින් සෙවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බව එහිදී සඳහන් කර ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජාති ආගම් භේදවලින් තොරව එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්ව ඉදිරියට යන ගමන වඩා සවිමත් කිරීම වෙනුවෙන් “Sri Lankan Day” සැමරීමට රජය සැලසුම් කර ඇති බව සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *