ජපානයට යන්න කැමති අයට මෙන්න අවස්ථා

විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරන ලද ශ්‍රමිකයින්ට අයදුම් කිරීමට අවස්ථාව ඇති බව නිවේදනයක් නිකුත්කරමින් එම කාර්යාංශය සඳහන් කරනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව වයස අවුරුදු 18-35 අතර තරුණ තරුණියන්ට මෙම රැකියා අවස්ථා නොමිලයේ හිමිව තිබෙනවා.

වසර 5ක කාලයක් සඳහා මෙම රැකියා හිමිවන අතර, අවම වැටුප රුපියල් ලක්ෂ 4කට අධික බවද මෙම නිවේදනයේ දැක්වෙනවා. ඒ වාග්ම, ජපන් ජාතිකයින්ට හිමිවන සියළු වරප්‍රසාද මෙම රැකියාලාභීන්ටද හිමිවීම මෙම රැකියා කාණ්ඩයේ ඇති ප්‍රධානම විශේෂත්වයක් වෙනවා.

රැකියා සඳහා අයදුම් කිරීමේදී ජපන් භාෂා දැනුම අනිවාර්ය වන අතර, JFT හෝ JLPT N4 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම ද මේ සඳහා අයදුම්කළ හැකියි. විශේෂයෙන් ම මේ සඳහා අයදුම්කිරීමට උසස් පෙළ විභාගයට පෙනීසිටීම අනිවාර්ය බව සඳහන් වෙනවා.

එමෙන්ම ශරීරයේ Tattoo නොතිබීමද අනිවාර්ය අවශ්‍යතාවක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

රැකියා අපේක්ෂිත ඉහත සුදුසුකම් සපුරන ලද තරුණ තරුණියන්ට කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk/si/ ඔස්සේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *