ඔන්න දැන් දඩ ගෙවන්න ලේසි ක‍්‍රමයක්

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස Govpay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ රථවාහන වැරදිවලට අදාළව ක්ෂණික දඩ මුදල් ගෙවීමට හදුන්වාදුන් ක්‍රමවේදය අද (11) සිට ලබන 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා.
මාර්ගගත ක්‍රමය ඔස්සේ දඩ මුදල ගෙවීම සිදු කර එය කෙටි පණිවිඩයක් ඔස්සේ රථවාහන නිලධාරීන් වෙත තහවුරු කිරීමෙන් අනතුරුව එම අවස්ථාවේදීම රියදුරු බලපත්‍රය මුදා හැරීම සිදුවන බැවින් මහජනතාවට අපහසුවකින් තොරව කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අවස්ථාව හිමිවනවා.
මෙම නියමු ව්‍යාපෘතිය කුරුණෑගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරප්පනේ, කවරක්කුලම හා අනුරාධපුරය යන ප්‍රදේශවල මාර්ග ආවරණය වන පරිදි ක්‍රියාත්මකයි.
ඒ තුළින් ව්‍යාපෘතිය තුළදී සිදුවන අපහසුතා හා අඩුපාඩු හඳුනාගෙන ඒවා සකස් කර ගැනීමෙන් පසු දිවයින පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැලසුම් කර තිබෙන බව වාර්තා වෙනවා.