දහනය කොට විනාශ කිරීමට නියමිත හෙරොයින්

නඩු කටයුතු අවසන් වූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 494 ග්‍රෑම් 48 ක ප්‍රමාණයක් අද (28) දහනය කොට විනාශ කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය දැඩි ආරක්ෂාවක් යටතේ පුත්තලම, පාලවිය ප්‍රදේශයට රැගෙන ගොස් සිමෙන්ති සමාගමට අයත් දහන උඳුන තුළ දී විනාශ කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරනවා.
විනාශ කිරීමට මත්ද්‍රව්‍ය තොග, නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් එක්ව සිදුකරන ලද වැටලීම් වලදී සොයාගෙන තිබුණු බව වාර්තා වෙනවා.
