ඔහුගේ වියෝව මුළු මහත් ජාතියටම පාඩුවක්

කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත ගුනේන්ද්‍ර මහතා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා.

පසුගියදා ඔහු සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳ සමග යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී මෙලෙසෙ අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්ව තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේදීයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දී ඔවුන් ගමන්ගත් වෑන් රථය ලොරි රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් ගයන්ත මහතා ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර, මියයන විට ඒ මහතා 46 වන වියේ පසුවුණා.

අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා, බිරිඳ සහ තවත් දෙදෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අනතුර සිදුව තිබුණේල ඊයේ 18 රාත්‍රී කාලයේ දී වන අතර, කුරුණෑගල සිට මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා. අනතුර සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

විශ්වවිද්‍යාල සිසු දරුවන් දහස් ගණනකගේ ණැනස පාදා ඇති ආචාර්ය ගයන්ත මහතාගේ වියෝව, කැලණිය සරසවියට මෙන්ම මුළු මහත් ජාතියටම සිදුවු පියවිය නොහැකි පාඩුවකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *