අප්‍රේල් 01 මුස්ලිම් පාසල් වලට නිවාඩු

රාමසාන් උත්සවය වෙනුවෙන්, මුස්ලිම් පාසැල් වලට ලබන අප්‍රේල් 01 වැනිදා නිවාඩු දිනයක් බවට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඊට පෙර රාමසාන් උත්සවය සඳහා මුස්ලිම් පාසැල් වලට 2025.03.31 වැනිදා නිවාඩු දිනයක් ලෙස නම්කර තිබුණු අතර, එම දිනයට අමතරව 2025.04.01 වැනිදා ද මුස්ලිම පාසැල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව සඳහන් වෙනවා.

විශේෂයෙන් ම ඒ සඳහා වන හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ලබන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *