අදට දින 09 යි තත්වය කොහොමද?

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන .සිරි දළදා වන්දනාව. 9 වන දිනය අදයි.
අද පෙරවරු 11ට ආරම්භ වුණු සිරි දළදා වන්දනාව සඳහා, පස්වරු 5.30 දක්වා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වෙනවා.
සෙංකඩගල රාජධානියේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ වැඩවෙසෙමින් ලෝ වාසී බෞද්ධයන්ගේ ගරු බුහුමන් ලබන ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාවුණේ පසුගිය 18 වනදායි.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ එලෙස වැඳපුදාගැනීමට වරම් හිමිවුණේ වසර 16 කට පසුව වන අතර, මෙම පිංකම හෙටින් අවසන් වීමට නියමිතයි.
ඒ අනුව, මේ දක්වා දින 8 ක් පුරාවට ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසකට උත්තම සිරි දළදා වහන්සේ වැදපුදා ගැනීමට භාග්‍ය හිමිවුණා.
කෙසේ වෙතත්, සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණ සිටින ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් තවමත් දිගු පෝලිම්වල රැඳී සිටින අතර, මේ වනවිටත් මහනුවර නගරයට ලක්ෂ 4 කට අධික පිරිසක් පැමිණ ඇති නිසා, නැවත දැනුම්දෙන තුරු සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස සිරි දළදා වන්දනාවේ මෙහෙයුම් කමිටුව ජනතාවට දැනුම්දී තිබෙනවා.