සුපිරි අට දෙනාගේ වටයේ අපි කොහොමද?

වයස 19 න් පහළ 20 – 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ අද (29) පැවති තරගයෙන් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 12 ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.
කෙසේ නමුත්, සුපිරි 6 වටයේ පළමු කාණ්ඩයේ අවසන් ප්‍රසාද ලකුණු සටහන අනුව, ශ්‍රී ලංකාවට තෙවන ස්ථානය හිමි වූ නිසා ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වුණා.
සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තයට එරෙහිව ක්‍රීඩා කළ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුවා නම්, අද තරගයේ ප්‍රතිඵලයත් සමග ශ්‍රී ලංකාවට පහසුවෙන්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ හැකියාවක් තිබුණ බව ක‍්‍රීඩා විශ්ලේෂකයෝ පවසනවා.
ඒ අනුව, එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව වන අතර, සුපිරි 6 වටයේ දෙවන කොටසින් දකුණු අප්‍රිකාව හා එංගලන්තය අවසන් පූර්ව යටයට පිවිසුණා.
මැලේසියාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ අද තරගය බංගිහිදි පැවති අතර, එහි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 99 ක් රැස්කිරීමට සමත් වුණා.
කෙසේ නමුත් ලකුණු 100 ක ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළදී ලකුණු 8 ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 87 ක් පමණයි.