කොහොමද එළියට ආවේ?

සිර දඬුවම් නියමව සිටි මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් අයෙකුට අද 22 නිදහස ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.
අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ තවත් අයෙකුට පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මාස 4ක සිර දඬුවම් නියම වුණා. ඒ රුපියල් මිලියන 3.5 ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත ගොනු වූ නඩුවට අදාළවයි.
ඒ අනුව අදාළ දඬුවම් කාලයෙන් පසු ඔවුන් දෙදෙනා අද මුදා හැරිය බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.
