මේ තරම් තොගයක් හැංගුවේ කොහොමද?

වැඩි මිලට අලෙවිකිරීම සඳහා කීරි සම්බා 4750Kg කට ආසන්න තොගයක් සඟවාගෙන සිටි වෙළෙන්ඳෙකු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සොයාගෙන තිබෙන බව වාර්තා වෙනවා.
කොළඹ 12 ප්‍රදේශයේ ගබඩාවක එම සහල් තොගය සඟවාගෙන තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අද (15) සොයාගෙන තිබෙන අතර, එහිදී සඟවාගන තිබු කීරි සම්බා 5Kg ක අසුරන 950 කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.
මෙම සහල් තොගය සඟවාගෙන සිටි ව්‍යාපාරිකයා සහ භාණ්ඩ ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.