මේ වෙන කොට ඇල්ෆ්‍රඩ්ගේ තත්වෙ කොහොමද?

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයට ආසන්න මොරෙටොන් දූපතට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් මේ වන විටත්, ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවලට අධික වැසි ඇඳහැලෙමින් තිබෙන අතර, සුළගේ වේගයද ඉහළගොස් තිබෙන බව සඳහන් වෙනවා.

ඒ අනුව එම ප්‍රාන්තවල දෙලක්ෂයකට අධික නිවාස සංඛ්‍යාවකට විදුලි ඇණහිට තිබෙන අතර, ඔස්ට්‍රේලියානු කාලගුණ බලධාරීන් විසින්, දරුණු ජලගැලීම් ආපදා සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් ද නිකුත්කර තිබෙන බව සඳහන් වෙනවා.

කෙසේ වුවද, සුළි කුණාටුවේ ප්‍රචණ්ඩත්ව පළමු මට්ටමේ සුළි කුණාටුවක් දක්වා අවම වී ඇති අතර, උපරිම සුළඟේ වේගය පැයට කිලෝ මීටර 80 ක් පමණක් වනු ඇති බව පුරෝකතනය කරනවා.

එමෙන්ම වෙරළ තීරයන් ආශ්‍රිතව ගැවසෙන පිරිස් හට ඩොලර් 16,000 ක දඩයක් පැනවීමටත් බලධාරින් තීරණය කර ඇති බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *