පාප් වහන්සේට දැන් කොහොමද?

හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තවදුරටත් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

88 හැවිරිදි පාප් වහන්සේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදනයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල්ගත කළ බව වාර්තා වුණා.

ඒ අනුව, ඉදිරි දින තුනේදි උන්වහන්සේ සැලසුම් කර තිබූ සියලුම ගමන් හා වැඩසටහන් අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ නමුත්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ තත්ත්වය බරපතළ නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *