හීත්‍රෝ ගුවන් තොටුපොළේ තත්වය කොහොමද?

සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන් ගමන් නැවත ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ

(21) දවස පුරා මෙහි බහුතර ගුවන් ගමන් අත්හිටුවීමට එහි පරිපාලනය කටයුතු කළ බව වාර්තා වුණා.

එංගලන්තයේ ප්‍රධානම මෙන්ම විශාලම ගුවන්තොටුපොළ හීත්‍රෝ ගුවන්තොටුපොළ වන අතර, එය හදිසියේ වසාතැබීමට සිදුවීමෙන් මගීන් ලක්ෂ 2 ක් පමණ පීඩාවට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *