රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වෙනස්වෙන හැටි

2025 අයවැය යෝජනාවට අනුව රාජ්‍ය සේවකයෙකුගේ අවම මූලික වැටුප රුපියල් 15,750 කින් ඉහළ නන්වන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එය මුලික වැටුපට එක් කෙරෙන්නේ 2027 වසර දක්වා අදියර තුනක් යටතේ වෙනවා.

ඒ අනුව රජයේ සේවකයෙකුගේ මූලික වැටුප මෙම වසරේදී අවම වශයෙන් රුපියල් 5,975 කින් ඉහළ නැංවෙන අතර, මෙතෙක් රාජ්‍ය සේවකයකුගේ වැටුපට එක් කර තිබූ රුපියල් 7,500 ක දීමනාවද මෙම වසරේ අප්‍රෙල් මාසයේ සිට මූලික වැටුපට එක් කෙරෙනවා.

ඒ අනුව, දැනට රුපියල් 24,250 ක අවම මූලික වැටුපක් ලබන රාජ්‍ය සේවකයකුට ඔහුට හිමි රුපියල් 15,750 ක වැටුප් වර්ධකය හිමිවන්නේ මේ ආකාරයටයි.

රුපියල් 15,750ක වැටුප් වර්ධකයට එක් කර තිබෙන දැනටමත් පවතින දීමනාව ඉවත් කළ විට ඔහුගේ මූලික වැටුපේ ශුද්ධ වැඩිවීම රුපියල් 8,250ක් වෙන අතර, ඉන් රුපියල් 5,000 ක මුදලක් 2025 අප්‍රේල් මස සිට මූලික වැටුපට එකතු කිරීමට නියමිතයි.

එම රුපියල් පන්දහසට අමතරව ඉතුරු වර්ධකයෙන් 30 ක් එනම් රුපියල් 975 ක්ද 2025 අප්‍රේල් සිට එම වැටුපට එක් කොරන අතර, ඒ අනුව රුපියල් 24,250 ක අවම මූලික වැටුපක් හිමි රජයේ සේවකයෙකුගේ වැටුප මෙම වසරේ අප්‍රේල් මස සිට රුපියල් 5,975 කින් වැඩිවෙනවා.

වැටුප් වර්ධකයේ ඉතුරු ප්‍රමාණය 2026 සහ 2027 යන වසරවල ජනවාරි මාසවල අදියර දෙකකින් මූලික වැටුපට එක්කිරීමට යෝජිතයි. ඊට අනුරූපව රාජ්‍ය සේවක සෙසු වැටුප් තලවල මූලික වැටුප් වැඩිවීමද සිදුවෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *