පළමු ඉනිමේ අවසානය කොහොමද?

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 257 ක් රැස්කිරීමට සමත් වුණා.
දෙවන දිනය ලෙස අද (07) තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලකුණු 229 ක් රැස්කරගෙන සිටියා.
කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 59 ක් රැස්කරගෙන සිටි අතර, ඔහු සමගින් ලකුණු 5 ක සබඳතාවක් පවත්වාගෙන සිටි ළහිරු කුමාරට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැති අතර, ඔවුන් දෙදෙනා 10 වන කඩුල්ලට ලකුණු 33 ක සබඳතාවක් ගොඩනගමින් සිටියදී ළහිරු කුමාර දැවීයාමත් සමග ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් වුණා.
මේ හේතුවෙන් ලකුණු 85 ක් රැස්කරගෙන සිටි කුසල්ට සිය 11 වන ශතකය අහිමි වූ අතර, ශතකයට ලකුණු 15 ක් පසුපසින් සිටි කුසල් ඉනිම නවත්වනු ලැබුවා.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාක් 3/37 හා නේතන් ලියොන් 3/96 හා මැතිව් කුහ්නෙමන් 3/63 කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වූණා.