දෙවැනි දිනය කොහොම වෙයිද?

2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි.
විවාදය අද 28 පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිත අතර, අරක්ෂක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු යන අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදය අද සිදු කෙරෙන බව වාර්තා වෙනවා.
මාර්තු 21 වන දින දක්වා කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිත අතර, එදින පස්වරුවේ අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට සැළසුම් කර තිබෙන බවත් සඳහන් වෙනවා.