Night Club සිද්ධියේ සැකකරුවන්ට මොකද වුණේ?

කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් භාරවූ සැකකරුවන් 4 දෙනා අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ, එම සැකකරුවන් අද (27) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ 26 දිනයේ, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශයන කාර්යාංශයට භාරවූ සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අත්අඩංගුවට ගත් බව සඳහන් වෙනවා.
පසුගියදා ඇතිවූ එම ගැටුම සම්බන්ධයෙන් ඉකුත් 25 වනදා යෝෂිත රාජපක්ෂ මහතා පැය 3 කට ආසන්න කාලයක් කොම්පඤ්ඤ වීදිය පොලීසිය හමුවේ ප්‍රකාශයක් ද ලබාදී තිබුණා.
ගැටුමින් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු පහරකෑමට ලක්වූ අතර, තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගෙන තිබුණු බව සඳහන් වෙනවා.
