ඒ තරම් දෙයක් වෙයි කියලා හිතන්න බෑනේ

පසුගියදා රෝහල්ගත කළ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වතිකානුව නිවේදනයක් නිකුත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ්‍රොන්කයිටිස් රෝගයට ප්‍රතිකාර ලැබීමට සහ ඒ පිළිබඳ වැඩිදුර පර්යේෂණ සඳහා අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගියදා රෝමයේ ජෙමෛලි රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
එහිදී සිදු කරනු ලැබූ පර්යේෂණවල දී උන්වහන්සේගේ, ශ්වසන පද්ධතියේ යම් ආසාදනයක් පිළිබඳව අනාවරණ වී තිබූ අතර, ඒ වෙනුවෙන් කඩිනම් ප‍්‍රතිකාර සිදු කර තිබෙනවා. ඒ අනුව මේ වනවිට උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, 88 හැවිරිදි පාප් වහන්සේ තවදුරටත් ප්‍රතිකාර ලැබිය යුතු බව වතිකානුව නිවේදනය කර තිබෙන බව වාරතා වෙනවා.