ප‍්‍රතිඵලය මොකක් වෙයිද දන්නෙ නෑ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අතර සාකච්ඡාවක්, වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී පවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී රුසියානු – යුක්‍රේන යුද්ධය විසඳීමේ ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙන අතර, යුද්ධය විසඳීම යනු යුක්‍රේනය රුසියාවට යටත් වීමක් නොවිය යුතු බව එහිදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අවධාරණය කර ඇති බව සඳහන් වෙනවා.
ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පවත්වා ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.