මේක නම් කොහෙන් කෙළවර වෙයිද දන්නෑ

අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරුබදු ප්‍රතිශතය 245% ක් දක්වා ඉහළ දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නවතම නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය විසින් ඒ බව සඳහන් කර ඇති බව එම මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකාව පැනවූ තීරුබදු සඳහා චීනය දක්වන දැඩි විරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් මෙම බදු ඉහළ දැමීම සිදුකර ඇති බව වාර්තා කරනවා.

මීට පෙර චීනය සම්බන්ධයෙන් අමෙරිකාව අනුගමනය කළ බදු ප්‍රතිශතය 145% ක් දක්වා ඉහළ දමා තිබුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *