ආරක්ෂාව දෙන්නම් හැබැයි තක්සේරු කරලා

විධිමත් ආරක්ෂක තක්සේරුවකින් අනතුරුව, විපක්ෂ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන බව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේල අදාළ තක්සේරුවෙන් අනතුරුව ලබාදිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණය කරන බවයි.
සිය ආරක්ෂාව අඩුකර ඇතැයි විපක්ෂ මන්ත්‍රීවරුන් පසුගිය දිනවල ආණ්ඩුවට චෝදනා එල්ල කළ අතර, විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පසුගියදා කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා ද එවැනි ආරක්ෂාවක් ලබා නොදෙන බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
